අලින්ටයි ළමයින්ටයි එක තැනක ඉන්ට බැරි” යැයි කියමනක් තිබේ. අලියා කිසි
විටෙක එක ඉරියව්වකින් නොසිටින සතෙකි. කුඩා දරුවන් ද එසේමය. ඇත්ත වශයෙන්ම
කිසිදු දඟයක් නොදක්වා නිශ්චලව සිටින දරුවකු වේ නම් ඒ දරුවා කිසියම් රෝග
තත්ත්වයකින් පෙළෙනවා වන්නට ද පුළුවන.
එහෙත් සාමාන්‍ය දඟකාරකම් අබිබවා යමින් අසාමාන්‍ය සේ දඟකාරකම් කරන දරුවෝ ද වෙති. ඔවුන් හඳුනා ගෙන ඔවුන් වෙත විශේෂ අවධානයක් යොමු කළ යුතුය. හැම දරුවකු තුළම දඟකාරකම් තිබේ. එහෙත් පමණ ඉක්මවා දඟ කරන දරුවන් අධි ක්‍රියාකාරී දරුවන් ලෙස හැඳින්විය හැකිය.
එවැනි දරුවෝ මොහොතක් හෝ එක තැනක නොසිටී. යමක් කී විට ඇහුම්කන් නොදෙති. ක්ෂණිකව ක්‍රියා කරති. ඉක්මනින් කෝපයට පත් වෙති. ඉක්මනින් නොසන්සුන් බවට පත් වෙති. අනෙක් ළමයින් සමඟ නිතර අඬදබර කරගනිති. යම් කටයුත්තකට අවධානය යොමු කරන්නේ ඉතා කෙටි කාලයකි. මේ නිසාම පාසලේ වැඩ අතපසු කරගනිති. පාඩම් කටයුතුවලට සහභාගි නොවී වෙන වැඩවල යෙදෙති.
නිවසේදී නිතර කලහ කරගන්නා එවැනි දරුවන් හිතාමතාම මව්පියන්ට වද දීමට එසේ හැසිරෙතැයි මව්පියෝ සිතති. දරුවාගේ අකීකරු බව පිළිබඳව පන්ති භාර, ගුරුවරුන් ගෙන්, අසල්වැසියන් මෙන්ම නැදෑයින් ගෙන් ද පැමිණිලි ලැබෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවල මව්පියෝ ලජ්ජාවටත්, අසීරුවටත් පත් වෙති. දරුවාගේ වැරැදිවලට හේතුව මව්පියන් ගේ නොසැලකිලිමත් බව යැයි චෝදනා එල්ල වීමට ද ඉඩ තිබේ. මෙය මව්පියන් ගේ වරදක් නොව දරුවා ගේ වර්ධනයෙහි ඇතිවූ ගැටලුවක් පමණක් වේ.
එම තත්ත්වය ඖෂධ දීමෙන් සුව කළ හැකි රෝගයක් නොවේ. මවුපිය වැඩිහිටි අවධානය හොඳින් එවැනි දරුවන් වෙත යොමු කර බුද්ධියෙන් විසඳාගත යුතු තත්ත්වයකි. එවැනි දරුවන්ගේ දඟකාරකම් වැඩි විය හැකි අවස්ථා මඟ හැරීමෙන් තත්ත්වය පාලනය කළ හැකිය. දරුවා වෙහෙසට පත්වන බොහෝ දුර ගමන් යාමෙන් වැළැකීම, අධික ලෙස වෙහෙසට පත් නොකිරීම, බඩගින්නේ නොතැබීම, අධික ශබ්ද සහිත ස්ථානවල වැඩි වේලා නොරැඳීම හා පි‍්‍රය සම්භාෂණ වැනි කලබලකාරී පරිසරවලට දරුවා ගෙන යාම හැකිතාක් අඩු කිරීම වඩාත් සුදුසුය.
දරුවාගේ ශරීරය හා මොළයේ වර්ධනයට අනුව ඔහුගේ ශාරීරික ක්‍රියාකාරකම් ද වර්ධනය විය යුතුය. ඒ සඳහා දරුවාට නිදහසේ ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දිය යුතුය. අනතුරක් සිදු නොවන පරිදි එළිමහනේ දිවීමට, පැනීමට, ක්‍රීඩා කිරීමට ළමයාට ඉඩ දිය යුතුය. ළමයා කරන කියන හැම දේටම “එපා” නොකියා ඔහු දිරිමත් කළ යුතුය.
ළමයාට තනිවම යම් යම් දේ කරන්නට මවුපිය වැඩිහිටි පරීක්ෂාව යටතේ ප්‍රමාණවත් නිදහසක් ලබා දිය යුතුය.
දරුවා සමඟ බස් රථයෙන් ගමන් කිරීම, වෙළෙඳ පොළට යාම වැනි අවස්ථාවලදී කල්තියා සිදුවන දේ දරුවා දන්නේ නම්, එවැනි අවස්ථාවලට මුහුණ දීම පහසුය. සරල නියෝග භාවිත කොට දරුවා හසුරුවා ගන්නට හැකි විය යුතුය. දරුවාගේ අවධානය ඔබ කෙරෙහි යොමු කරවා ගන්න. දරුවාගෙන් ඔබට ලැබෙන සහයෝගයට හෝ කීකරුකමට ප්‍රශංසා කරන්න.
කෑම ගන්නා වේලාව, නින්දට යන වේලාව, නාන මුහුණ සෝදන හෝ සිරුරු කිස කරන වේලාව හැම විටම එකම පිළිවෙළකට සිදු කරන්නේ නම් එයට හැඩ ගැසීමට දරුවාට පහසුය. බලාපොරොත්තුවක් නැතිව හිතුණු හිතුණු වේලාවට එම ක්‍රියා සිදු වේ නම් එවිට දරුවා කැලඹීමට ඇති ඉඩකඩ වැඩිය.
එවැනි දරුවන්ට දඬුවම් කිරීමට බොහෝ මවුපියන් අකැමැතිය. දඬුවම් දීමෙන් තවත් දඟ වැඩි වේ යැයි සිතන අය ද, දැඩිව දඬුවම් කළ යුතු ය යන මතය දරන අය ද වෙති. මේ අන්ත දෙකම නොසුදුසුය. දරුවා දඟකාරකමක් කළ විට ඔහුගේ හෝ ඇයගේ හැසිරීම පිළිබඳව අසතුටට පත් වූ බව කෙළින්ම කියන්න. කෝප නොවී දරුවාට හොඳින් වරද වටහා දෙන්න. මඳ වේලාවකට අනෙක් අය ගෙන් වෙන් කොට තැබීම හෝ රූපවාහිනිය නැරැඹීම වැනි දරුවා පි‍්‍රය කරන යමක් කිරීමට ඉඩ නොදී සිටීමෙන් ඔහුට සුළු දඬුවමක් දීමෙන් යළි ඒ වරද නොකරන්නට දරුවා ඉගෙන ගනු ඇත.
දරුවා සමඟ ක්‍රීඩා කරන්න. පිංතූර පොත් බැලීම, කැපීම, ඇලවීම, චිත්‍ර ඇඳීම, කතන්දර කියා දීම වැනි ක්‍රියා සඳහා වැඩි කාලයක් ගත කරන්න.
මව්පියන් එකිනෙකා සමඟ සහයෝගයෙන් දරුවා පිළිබඳව ක්‍රියා කිරීම ඉතා වැදගත්ය. මවුපියන් අසමඟි වූ විට දරුවා පිළිබඳ සුදුසු පියවර ගැනීම අඩපණ වේ. එවැනි දරුවන් බලා ගැනීමට විශේෂයෙන් වෙහෙසීමට සිදු වේ. දරුවා පිළිබඳ අන් අයගේ විවේචන හා සෘණ බලපෑම්වලින් දරුවා ආරක්ෂා කරගැනීමට වග බලා ගත යුතුය. ආදරයෙන් දයාවෙන් හා ඉවසීමෙන් කටයුතු කිරීමෙන් එවැනි දරුවන් වඩාත් ඵලදායී ලෙස රැක බලා ගත හැකිය.
මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික සභාවෙහි උපදෙස් ඇසුරිනි.
Source: මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික සභාවෙහි උපදෙස් ඇසුරිනි. සාගරිකා දිසානායක ජයසිංහ