දියවැඩියාව බරපතළයි



01
 
මලක සුමුදු සුකොමළ බව පවතින්නේ එය ඵල දරන තුරු ය. ඉන්පසු මලක්‌ තිබූ තැනක්‌ වත් පෙනෙන්නට නැහැ. නමුත්, මලකට උපමා කරන කාන්තාවන් ගේ ඉරණම එය විය නො හැකි ය. ඇය දරුවන් බිහි කරන්නා සේ ම, තම මුණුබුරන් ගේ, මිණිපිරියන් ගේ මුහුණු බැලීමට තරම් වාසනාවන්ත ය. එහෙත් ඒ වාසනාව හිමි කර ගැනීමට නම් ඇය, පවුල ගැන මෙන් ම තමන් ගැන ද විශේෂයෙන් ම සැළකිලිමත් විය යුතු ය.
 
මීට කලකට ඉහත සමාජයේ වැඩි දෙනා පීඩා වින්දේ, මිය ගියේ, බෝ වන රෝගවලිනි. එහෙත්, අද වැඩි දෙනා පීඩා විඳින්නේ, මිය යන්නේ, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග යනාදී බෝ නො වන රෝගවලිනි. තව ද, රටේ ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක්‌ දියවැඩියා රෝගීන් බව නො රහසකි.
 
රෝහල් චතුරස්‍රයට ඇතු`ඵ වූ ත්‍රිරෝද රථයකි. එය බාහිර රෝගී අංශයේ පෝටිකෝව යට නැවැත්වී ය. ඒ තුළින් පැනගත් තරුණයා රෝහලේ සාත්තු සේවකයකුට දැනුම් දුන්නේ, රෝද පුටුවක අවශ්‍යතාවයි. පසුව රෝද පුටුවක හිඳුවාගත් මැදි වියේ කාන්තාවක්‌ ප්‍රතිකාර ඒකකයට රැගෙන යන ලදී.
 
''ලෙඩා ගේ නම කියන්න.......?
 
''විමලා සර්''
 
''වයස...........?
 
''58 සර්''
 
''16ට යන්න..............''
 
16 කාමරයේ වැඩ බලන වෛද්‍යවරිය ගේ නිරීක්‌ෂණයට විමලා ලක්‌ විය. විමලා සමග සිටි ඇගේ පුතා විසින් ඇයට මීට පෙර ප්‍රතිකාර කරන ලද රෝග විනිශ්චය කාඩ්පත් (diagnosis cards) වෙනත් ලියකියවිලි සහ සටහන් (medical records) ආදිය ඉදිරිපත් කරන ලදී.
 
ඉතා ම දුර්වල තත්ත්වයේ සිටි රෝගියා ගේ දකුණු පාදයේ තුවාල තිබූ අතර එම පාදයේ තැනින් තැන ක`ඵ පැහැ ගැන්වී ඇති බව වෛද්‍යතුමිය ගේ නිරීක්‌ෂණයට ලක්‌ විය.
 
''මෙච්චර කල් මොකට ද ගෙදර තියාගෙන හිටියේ...... ලෙඩාට අමාරු වෙනකම්ම හිටියා ද මෙහෙට ගේන්ඩ.....?''
 
'' නෑ.......... ඩොක්‌ටර් මටත් වැඩ...... නෝනා රට ගිහිල්ලා ඉන්නේ...අම්මා තමයි ගෙදර වැඩ කරන්නේ......එයා තමයි කිව්වේ ලොකු අමාරුවක්‌ නෑ කියලා.......''
 
රෝගියා සමග පැමිණෙන වැඩි දෙනකු ගේ සුපුරුදු පිළිතුර මෙය බව දන්නා වෛද්‍යතුමිය ඇයට නේවාසික ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළා ය. නේවාසික ප්‍රතිකාර ස`දහා වාට්‌ටුවට ඇතුළත් කළ විමලා පරික්‌ෂා කළ වෛද්‍යවරුන් ගේ තීරණය වූයේ, ඇගේ දකුණු පාදය කපා ඉවත් කළ යුතු බවයි. ක`දු`ඵ පිරී දැසින් යුතු ව ඇය විසින් ඊට තම කැමැත්ත ලබා දෙන ලදී.
 
දියවැඩියාව රෝගය නො සලකා හැරිය හැකි රෝගී තත්ත්වයක්‌ නො වන අතර එය ඒ තරමට ම දරුණු ය. දියවැඩියාවේ අතුරු ආබාධ වශයෙන් වකුගඩු, හෘදය, දෙපා, ආහාර මාර්ග පද්ධතිය, මුත්‍රාශය හා ලිංග ඉන්ද්‍රියන්ට අහිතකර බලපෑම් ඇති කරන අතර ඇසට ද අහිතකර බලපෑම් ඇති කරයි. එම නිසා දියවැඩියා රෝගියකු, ඉහත අතුරු ආබාධ ඇති නො වීමට නම් තම රෝගී තත්ත්වය නිසි පරිදි පාලනය කරගත යුතුයි.
 
රෝගියා ගේ ජීවිතයට අවදානමක්‌ ඇති අවස්‌ථාවල දී රෝගියා ගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරු නො පමාව ක්‍රියා කරති.
 
ඒ අනුව ශල්‍යකර්මයකින් දකුණු පාදය ඉවත් කළ අතර ඇයට අවශ්‍ය කරන ඖෂධ ප්‍රතිකාර, භෞතචිකිත්සක ප්‍රතිකාර හා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරු කටයුතු කළ හ. ඉන් සති කීපයකට පසු ඇගේ රෝගී තත්ත්වය පාලනය වූ අතර ඉන් ඉක්‌බිති ඇයට අවශ්‍ය උපදෙස්‌ ආදිය ලබා දී රෝහලෙන් පිටත් කර හරින ලදී.
 
ඉන් දින කීපයකට පසු විමලා නැවත රෝහල්ගත කළ අතර ඊට හේතුව ලෙස ස`දහන් වූයේ ඇගේ පාදයේ, ශල්‍යකර්මය සිදු කර වෙලුම් පටි යොදා තිබූ තුවාලය ඉදිමී, පැසවා සැරව ගලන තත්ත්වයට පත් වී තිබීමයි. මෙවර ඇය සමග පැමිණි, ඇගේ නැ`ගණිය යෑයි තමා හ`දුන්වා දුන් කාන්තාව පැවසුවේ, විමලා දිනපතා ම නෑමට පුරුදු වී සිටින බවත්, මේ නිසා තුවාලයට වතුර යැමෙන් මේ තත්ත්වය උද්ගත වූ බවත් ය.
 
මෙවර ද ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරු කටයුතු කළ හ. මෙබ`දු එක්‌ රෝගියකු ස`දහා රජය විශාල මුදලක්‌ වැය කරන බව ස`දහන් කළ යුතු ය. තව ද වාර්තා වන මෙබ`දු රෝගීන් ගේ ගණන වැඩි වනවා මිස එහි අඩු වීමක්‌ දක්‌නට නො තිබීම අවාසනාවකි. සැඳෑ සමය ගත කරන විමලාට, මින් මතුවට ආබාධිත කතක්‌ ලෙස ඉදිරි ජීවිත කාලය ගත කිරීමට සිදු වෙයි. එහි දී තවත් පුද්ගලයකු ගේ උදව් උපකාර අවශ්‍ය බව දනිමු. කිසි ම පුද්ගලයකු ආබාධිත වීමට කැමැති නැත. ආබාධිතයකු ලෙස ජීවත් වීමට සිහිනෙනුදු නො පතන්නෙමු. විමලා සමාජයේ තවත් එක්‌ පැතිකඩක්‌ පමණි. විමලා මෙන් තවත් පුද්ගලයෝ කොතෙකුත් මේ සමාජයේ සිටිති. එමෙන් ම වෛද්‍යවරුන්ට ඇය තවත් එක්‌ රෝගියකු පමණි. නමුත්, ඇගේ දරුවන්ට ඇය ආදරණීය අම්මා ය. තම මව රැකබලා ගැනීම දරුවන් ගේ යුතුකමයි. මේ ලෝකය ර¹ පවතින්නේ, හිරු එළියෙන් හා මවු කිරෙන් බව ගෝර්කි පවසා ඇත. මේ ලිපිය අවදානමට පෙර සූදානමක්‌ ඇති කිරීම ස`දහා පමණක්‌ බව සලකන්න.
 
''රුධිරයේ සීනි මඟින් ශරීරයට ශක්‌තිය ලබා දෙයි. මේ සීනි මට්‌ටම වැඩි වීම දියවැඩියා රෝගයේ ප්‍රධාන ලක්‌ෂණයයි. මේ සීනි මට්‌ටම පාලනය කිරීම දියවැඩියා රෝගියකු ගේ එදිනෙදා ජීවිතයේ වැදගත් අංගයයි.''
 
වෛද්‍ය ශිෂ්‍යසවින් සමීර රත්නායක

Post a Comment

Previous Post Next Post

Contact Form