Fasting ඉඳලා කරන්න ඕනේ ලේ පරීක්ෂණ වලදී වතුර බොන්නත් හොඳ නැද්ද?

Fasting ඉඳලා කරන්න ඕනේ ලේ පරීක්ෂණ වලදී වතුර බොන්නත් හොඳ නැද්ද? 

 ලේ වල සීනි පරීක්ෂාව, කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව වගේ ගොඩක් test වලට fasting ඉන්න ඕනි වෙනවා. ඒ වගේ වෙලාවට වතුර බොන්න හොඳ නැද්ද කියලා ගොඩක් අය අහනවා.

 සමහර ලේ පරීක්ෂණ වලට කලින් fasting ඉන්න කියන්නේ ඇයි? 

 ලේවල සීනි මට්ටම පරික්ෂා කරන fasting blood sugar එකේදි සාමාන්‍යයෙන් පැය 8-10 විතර නිරාහාරව ඉන්න ඕනේ. එහෙම නිරාහාරව ඉඳලා පරීක්ෂණය කරොත් අපට ආසන්න වශයෙන් නිවැරදි අගයක් ගන්න පුළුවන්.

 ඔයා කෑවට පස්සේ ඒ කෑම වල තියෙන කාබෝහයිඩ්‍රේට ජීරණය කර ගෙන ලේ වලට උරාගන්න නිසා ලේ වල සීනි මට්ටම වැඩි වෙනවා. පැය අටක් දහයක් විතර නිරාහාරව හිටියම කලින් කාපු කෑම වල තිබ්බ glucose ඇඟට උරාගෙන පරිවෘත්තිය ක්‍රියා වලට ලක් කරලා ඉවරයි. එතකොට ඇත්තටම ලේවල තියෙන මූලිකම glucose මට්ටම නැත්තං baseline ලෙවල් එක බලාගන්න පුලුවන්.

 ඉතිං ඒ අනුව ඔයාගේ glucose පරිවෘත්තීය ක්‍රියාවලිය එහා මෙහා වෙලා ද දියවැඩියාව තියෙනවද ,දියවැඩියාව හැදෙන්න අවදානමක් තියෙනව ද, වගේ දේවල් ගැන අදහසක් අපිට ගන්න පුළුවන්.

 නමුත් දීර්ඝකාලීන සීනි මට්ටම පාලනය බලන්න කරන HbA1C test එකට fasting ඉන්න අවශ්‍යම නැහැ. 

 කෑම නොකා හිටියට මේ වෙලාවෙදි වතුර, තේ කහට(සීනි නැති) බිව්වට කමක් නැහැ. 

 මේ fasting ඉන්නවා කියලා ඇත්තටම කියන්නේ ඇඟට ශක්තිය දෙන ආහාර හෝ බීම වර්ග ගන්නෙ නැතුව ඉන්න එක. 

ඒ උනාට මේ ලේ පරීක්ෂණ, හැර අනෙකුත් පරීක්ෂණ ඒ වගේම ශල්‍යකර්මවලට fasting ඉන්නකොට ආහාර ගැනීම කරන්න එපා. 
ඒ වගේම වතුර ,තේ ,කෝපි වගේ දේවලුත් බොන්න එපා. 

 ලේ වල කොලෙස්ටරෝල් මට්ටම බලන පරීක්ෂාව නැත්තං lipid profile එකේ දී සාමාන්‍යයෙන් පැය 12ක් විතර fasting ඉන්න ඕනේ. මේකෙදි total cholesterol, LDL cholesterol, HDL cholesterol, triglycerides වගේ දේවල් බලනවා.

 අනිත් අයටත් දැනගන්න share කරන්න.

Post a Comment

Previous Post Next Post

Contact Form