බබා සෙල්ලං කර කර හිටපු සෙල්ලම් බඩුවක කෑල්ලක් ගිල්ලාම මොකද කරන්නේ?

 ඔයාගේ බබා සෙල්ලං කර කර හිටපු සෙල්ලම් බඩුවක කෑල්ලක් නැත්තං වෙනත් මොනවා හරි දෙයක් ගිල්ලාම මොකද කරන්නේ?

ඉතින් පොඩි ළමයි හරි කැමතියි එයාලගේ අතට හම්බෙන හැමදේම කටට ආලා හපලා බලන්න ,ගිලින්න. වැදගත්ම දේ තමයි මෙතනදී කලබල වෙන්න එපා. 

බබා ගිලපු දෙයක් යන්න පුළුවන් පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි එයාගෙ ගලනාලය එක ගිහිල්ලා ආහාර ජීර්ණ පද්ධතිය යන්න පුලුවන්, එහෙමත් නැත්නම් ස්වසන මාර්ගයට යන්න පුළුවන්. 

මුලින්ම බලන්න බබාට හුස්ම ගන්න අපහසු තාවයක් තියෙනවද,බබා නිල් වෙලාද ,උගුරෙන් අමුතු ගොර ගොර සද්ද  එනවද කියලා. 

ඒ වගේ එයා අපහසුතාව ඉන්නවනම් ඒ ගිලපු දේ ස්වසන මාර්ගයට ඇතුල් වෙලා කියලා හිතන්න පුළුවන්. ඉතින් එහෙම වුනොත් ඒ වෙලාවේ වහාම හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.

 ඔයාට පුලුවන් බබා ඉක්මනට ළඟම ඉන්න ඩොක්ටර් ගාවට අරගෙන යන්න, එහෙමත් නැත්තං 1990 ඇම්බියුලන්ස් එකට කතා කරලා ඉක්මනට බබාව ප්‍රතිකාර වලට අරගෙන යන්න.  මොකද ස්වසන මාර්ගය අවහිර වෙලා  ජීවිතයට වුණත් හානියක් වෙන්න පුළුවන්. 

ඉතින් පොඩි බබෙක්ට ඒ වගේ වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර නැත්තං ambulance එකක් එනකන් ගෙදරදී කරන්න පුළුවන්  

Technique1 මම කියලා දෙන්නම් මේ post එකේ අන්තිමට.

ඉතින් එහෙම නැතුව බබා සාමාන්‍ය විදිහට හොඳට ඉන්නවනම්,. එයාව වෛද්‍ය ප්‍රතිකාර වලට අරගෙන යන්න ඕනේ නැද්ද? බබා හොඳට හිටියත් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනේ. මොකද ඒ ගිලපු දේ ස්වභාවය අනුව, ආහාර මාර්ගයේ තියෙන තැන අනුව, හානි වෙන්න ඉඩකඩ තියෙනවා. උදාහරණයක් විදිහට බබාලාගේ සෙල්ලම් බඩු වල තියෙනවා චූටි button battery කියලා ජාතියක්. ඉතින් සමහර වෙලාවට මේවා ආහාර මාර්ගයේදී පුපුරලා මේකෙ තියෙන ඇසිඩ් වර්ග එළියට ඇවිල්ලා හානි වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං මොනාහරි තියුණු කටු වීදුරු කෑලි බ්ලේඩ් තල වගේ දේවල් ගිල්ලොත් ඒවගෙන් කැපිලා හානි වෙන්න පුළුවන්. 

ඉතිං ඒ මම දැකලා තියෙන්නේ ගොඩක් බබාලා කාසි වගේ දේවල් ගිලලා එනවා. ඒ අතරේ සමහරු යතුරු වගේ දේවලුත් කාලා ආපු අවස්ථා තියෙනවා. 

ඉතින් ඔයා හොස්පිට්ල් එකට ගියාම එක්ස්රේ පරීක්ෂණයක් කරලා බලයි ඒ ගිලපු දේ ආහාර මාර්ගයේ කොහෙද තියෙන්නෙ කියලා. ගොඩක් වෙලාවට එක්ස්රේ 1ට වඩා අවශ්‍ය වෙනවා, මොකද අපි ද බලන්න ඕනි ඒ ඒ ද්‍රව්‍ය ආහාර මාර්ගයේ ඉස්සරහට ගමන් කරනවද කියලා. ඉතිං එතකොට ගොඩක් වෙලාවට රෝහල්ගත කරලා පැය විසි හතරක් විතර නිරීක්ෂණය කරනවා වෙන සංකූලතා මොනාහරි ඇති වෙනවද කියලා. 

ඒ වගේම හොඳින් මළ පහ පිටවෙන්න syrup, බෙහෙත් වගේ දෙනවා.

 ඉතින් එතනදි අපි වැඩිහිටියෝ ට කියනවා ඒක බබාගේ මලපහ එක්ක පිට වුනාද කියලා සැලකිල්ලෙන් ඉන්න කියලා.

ඉතින් අපි දැන් බලමු බබාගෙ ස්වසන මාර්ගයේ මොනාහරි හිර උනා කියලා සැකයක් තියෙනකොට ඔයාට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා. 

බබා ව මුනින් අතට දාල ඔයාගේ අතකින් එයාගෙ පපු ප්‍රදේශය සපෝට් කරන ගමන් ඔලුව පහතට නෑනෙ විදිහට තියාගෙන ඔයාගේ අනිත් අතේ අත්ල ප්‍රදේශයෙන් මේ විදියට උඩු අතට මෙහෙම තෙරපුමක් කරන්න. ඉතින් මේ විදිහට කරලා බලන්න පුළුවන් ඒ ඒද්‍රව්‍ය ඉවතට යනවා ද කියලා. 

ඉතින් හැමතිස්සෙම මතක තියාගන්න චූටි බබාලගෙ සෙල්ලම් බඩු වල ලේසියෙන් ගලවන්න පුළුවන් , ගිලින්න පුළුවන් පොඩි පොඩි කෑලි නැති සෙල්ලම් බඩු තෝරගන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයාගේ බබාලාට ඉන්න යාළුවො tag කරන්න එයාලත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා.

Post a Comment

Previous Post Next Post

Contact Form